ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යොමු කළ ලිපියකින් පසුව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට (MCC) එරෙහිව ආරම්භ කළ මාරාන්තික උපවාසය අත්හැර තිබේ.
ජනාධිපතිවරණයට පෙර කිසිවිටකත් අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් නොතබන බවට ආණ්ඩුව තීරණය කර ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බදාදා(06) ලිපියක් මගින් පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දී ඇත.
එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ, පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී සිදු කරන සංවාදයකින් පසුව පමණක් ජනාධිපතිවරණයෙන් පසුව උවද එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය කරන බවයි.
තමන් කිසිම විටක රටට අහිතකර ගිවිසුමකට නොඑළඹෙන බවත් එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමේදී ඒ ගැන උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ජා කොට අවවාද අනුශාසනා ලබා ගන්නා බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
අමෙරිකාව සමග අත්සන් තැබීමට නියමිත එම ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් අඟහරුවාදා (05) උදෑසන කොළඹදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී.
Lanka Newsweek © 2026